2016 ඔක්තෝබර් 24 වන සඳුදා

ආණ්ඩුව උණුසුම් කළ පැයතුනේ කැබිනට් රැස්වීම

 2016 ඔක්තෝබර් 24 වන සඳුදා, පෙ.ව. 12:00 473

පසුගිය සතිය දෙක පුරා මහත් ආන්දෝලනයට ලක්වූ දේශපාලන පුවත් මැවූයේ උතුරැ පළාත් ප්‍රධාන අමාත්‍ය, සී.වී. විග්නේෂ්වරන් මහතාය. ඔහු %එළුග තමිල්^ උත්සවයේදී කළ කතාවට දසතින්ම විරෝධය එල්ල විය. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර එ.ජා.ප.යේ මහ ලේකම් කබීර් හෂීම් මෙහිදී ප්‍රධාන තැනක් ගත්හ. දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් එම්.ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයා විග්නේෂ්වරන්ව දැඩි ලෙස විවේචනය කළ අතර ඒකාබද්ධ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සඳහන් කළේ විග්නේෂ්වරන් අත්අඩංගුවට ගත යුතු බවයි. ඒ අතර දෙමළ ජාතික සන්ධානයේම යාපන මන්ත්‍රී ශ්‍රීධරන් ඇතුළු පිරිසක් විග්නේෂ්වරන්ගේ ප්‍රකාශයට සහාය දැක්වූහ.
පසුගිය සතියේ යාපනයේදී ආරම්භ වූ ජාතික මහා ක්‍රීඩා උළෙලේ සමාරම්භක අවස්ථාවට මහ ඇමැති විග්නේෂ්වරන්ටත් ආරාධනා කර තිබිණි. එහෙත් ඔහු ඊට සහභාගි නොවීය.

ඒ ගැනද විවිධ කතා පැතිරැණි. දෙමළ ජාතික සන්ධානයට පාර්ශ්ව ගණනාවකින් යෝජනා වී තිබුණේ විග්නේෂ්වරන් පක්ෂ විනය උල්ලංඝනය කරන බැවින් ඔහු ප්‍රධාන අමාත්‍ය පදවියෙන් ඉවත් කළ යුතු බවය. එහෙත් ඒ ගැන තවමත් අවසන් තීන්දුවක් ගෙන නැත. කෙසේ හෝ පසුගිය ඉරිදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා යාපනයට ගියේ එහි පැවති ජාතික ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවය සඳහාය. මේ අවස්ථාවට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, විපක්ෂනායක ආර්. සම්පන්දන් මෙන්ම මහ ඇමැති විග්නේෂ්වරන්ද පැමිණියේය.


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ ඉතා සුහදව මෙහිදී අදහස් හුවමාරැ කරගත් විග්නේෂ්වරන් මහතාට මෙන්ම සියලු ජනතාවට ප්‍රයෝජනවත් වන අදහස් ඇතුළත් කතාවක් ජනාධිපතිවරයා මෙහිදී සිදුකළේය. ඔහු සඳහන් කළේ ක්‍රීඩාව සඳහා පළාත් බෙදුණාට ශ්‍රී ලාංකික ජාතිය ලෙස එකමුතුව ජීවත් විය යුතු වගය. රටක යුද්ධයක් ඇතිවන්නේ ශිෂ්ට බව නොමැතිකම නිසා යැයි කී ජනාධිපතිවරයා ජනතාවට ශිෂ්ඨ බව හුරැකරන්නට ක්‍රීඩාව කදිම මාධ්‍යයක් යැයි කීය.


ජනාධිපතිවරයා සිංහලෙන් සිය දේශනය පවත්වා හමාර වූ විට නැඟී සිටියේ උතුරැ පළාත් ප්‍රධාන අමාත්‍ය සී. විග්නේෂ්වරන් මහතාය. 1956 බණ්ඩාරනායක අගමැතිතුමාගේ රජය සිංහලෙන් පමණක් පනත සම්මත කොට සිංහලය රාජ්‍ය භාෂාව කළ දා සිට තමන් සිංහල ඉගෙනීම නතර කර දැමූ බව මෙයට පෙර මාධ්‍යයට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ මහ ඇමැති විග්නේෂ්වරන් මහතා මෙහිදී සිංහල භාෂාවෙන් සභාව ඇමතීම විශේෂ කරැණකි. ඔහු එදින සිදුකළේ පව් සමාකර ගැනීමේ කතාවකි. කලින් &එළුග තමිල්* උත්සවයේදී කළ කතාවේ සැර බාලකොට රුස් බස්සවන්නට මහ ඇමැතිවරයා සිංහලෙන්ම සිය දෙසුම පවත්වමින් කීවේ තමන් එදා දෙමළ භාෂාවෙන් කළ කතාවට ජනමාධ්‍ය වැරදි අර්ථකථනයක් දී විකෘති කර ඇතැයි කියායි. &මම මෑතකදී දෙමළ භාෂාවෙන් කළ කතාව ජනතාව වැරදි විදිහට තේරැම් අරන් තියෙනවා. මම නොකී දේවල් ගැන විවේචනය කරලත් තිබෙනව. මම ඒකෙදි සිද්ධස්ථාන ඉදිකරන්න එපා කියලා කීවෙ නැහැ. මම කිව්වෙ හින්දු කෝවිලක්, බෞද්ධ පන්සලක්, කතෝලික හෝ මුස්ලිම් පල්ලියක් ඉදිකරන්න කලින් ඒකට අදාළ පළාතෙ පළාත් පාලන ආයතනයෙන් අවසර ගන්න ඕන බවයි. එහෙම නොකර හමුදාවෙ සහය අරන් ඒ වගේ ඉදිකිරීම් ජනතාවගේ පෞද්ගලික ඉඩම්වල සිද්ධ කිරීම හරිද කියල ජනතාව ප්‍රශ්න කරන බවක් මම කිව්ව. ඉතින් මේ කතාවෙ වරදක් තිබෙන බව අදටත් මට පේන්නෙ නැහැ. ඒ නිසා මගේ කතාව නියම විදිහට බලල විවේචනය කරන්න කියල මම ඉල්ලා සිටිනවා...* ජනපතිවරයා ඉදිරියේ විග්නේෂ්වරන් මහ ඇමැතිවරයා පැවසීය.


එදිනම යාපනයේදී යාපනය සරසවියේ කථිකාචාර්යවරයකු වන දේශපාලන විචාරක එන්. තිරැනාවුකරසු මහතා විසින් ලියන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ඉතිහාසය ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයේදී ද මහ ඇමැති විග්නේෂ්වරන් මෙම සිද්ධිය ගැන අදහස් දැක්වීය. එහිදී දෙමළෙන් කතා කළ ඔහුගේ කතාව තරමක් ආවේගශීලී විය. තමන් දෙමළ ජනතාවගේ අයිතීන් ගැන කතා කරන විට එය දකුණේ ඇතැම් ජන නායකයන් එය දෙමළ ජාතිවාදය ඈදීමක් ලෙස හුවා දැක්වීම ගැන තමන් දැඩි ලෙස කනගාටු වන බව ඔහු පැවසීය. සමහරැන් ජාතිවාදය පදනම් කරගෙන තමන්ගේ ජීවිතය පවා නැති කිරීමට උත්සාහ දරන බවට ද මහ ඇමැතිවරයා මෙහිදී චෝදනා කළේය. සමහර සිංහල නායකයන් මේ ආකාරයට ජාතිවාදය ඇවිලවීමට උත්සාහ දරන්නේ යැයි කී හෙතෙම දෙමළ ජනතාව ඉන්දියාවට පළවා හැරිය යුතු යැයි කියන සිංහල නායකයන්ද වන බව වැඩිදුරටත් කීය. මේ නිසා ශ්‍රී ලංකාවේ වෙසෙන දෙමළ ජනතාව කුල භේදයකින් තොරව උතුරැ නැගෙනහිර හෝ වතුකර ලෙස නොබෙදී තම අයිතීන් රුකගන්නට හඬ නැඟිය යුතු යැයි ඔහු අවධාරණය කළේය.


පොත් දොරට වැඩීමේ උළෙලේදී එසේ ප්‍රකාශ කළ විග්නේෂ්වරන් ප්‍රධාන අමාත්‍යවරයා ඉන්පසු දින ඔහුට මුණගැසුණු ස්විට්සර්ලන්තයේ ෆෙඩරල් සභාවේ මහජන නියෝජිත පිරිසකට කියා සිටියේ උතුරේ අර්බුදයට ස්ථීර විසඳුමක් ලෙස පූර්ණ බලය බෙදීමක් සහිත ෆෙඩරල් පාලන ක්‍රමයක් ලබාදිය යුතු වගය. ඒ සඳහා ජාත්‍යන්තරයේ සහය අවශ්‍ය වන්නේ දකුණේ ජනතාව ෆෙඩරල් ක්‍රමය ගැන දරන දරැණු මතය වෙනස් කිරීමට බවත් විග්නේෂ්වරන් මහ ඇමැතිවරයා පැවසීය. මෙම පාලන ක්‍රමය ගැන දකුණේ ජනතාවට හරිහමන් අවබෝධයක් නැතැයිද ඔහු වැඩිදුරටත් කීය.


විග්නේෂ්වරන් මහ ඇමැතිවරයාගේ මස්සිනා වන විපක්ෂ මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා විග්නේෂ්වරන් මහතාගේ මෙම සියලු කටයුතු ගැන පසුව විවේචනයක් කළේය. ඔහුගේ &එළුග තමිල්* වැඩපිළිවෙළ මෙරට ජාතිවාදයට උඩගෙඩි දීමක් යැයි වාසුදේව චෝදනා නැගීය. එහෙත් තමන් කිසිවිටක සිංහලවාදියකු නොවන්නේ යැයි කීමටද වාසුදේව මන්ත්‍රීවරයා අමතක කළේ නැත.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා නවසීලන්තයේ රාජ්‍ය නිල චාරිකාවකට එක් විය. නවසීලන්තයට ශ්‍රී ලංකා අගමැතිවරයකු නිල වශයෙන් ගිය මුල්ම අවස්ථාව මෙයයි. එරට අග්‍රාමාත්‍ය ජෝන් කී මහතාගේ විශේෂ ආරාධනයක් අනුව වික්‍රමසිංහ මහතා සහ එම මහත්මිය ඇතුළු දූත පිරිස එරටට පැමිණියහ. එරට අගමැතිවරයා මුදල් ඇමැතිවරයා ප්‍රමුඛ රජයේ ප්‍රධානීන් මුණගැසුණු වික්‍රමසිංහ මහතා එරට ව්‍යාපාරික ප්‍රජාව මුණගැසී ඔවුන් අමතා විශේෂ දේශනයක් කළේය. ශ්‍රී ලංකාව නුදුරේදීම ඉන්දීය සාගරයේ මූල්‍ය මධ්‍යස්ථානය වන බවට අනාවැකියක් පළ කළ අගමැතිවරයා ඒ නිසා මෙරට මුදල් ආයෝජනය කොට කර්මාන්ත අරඹන්නැයි ඒ රටේ ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේය. ඉදිරි කාලයේදී දෙරට සබඳතා තර කරගැනීමට නව මහ කොමසාරිස් කාර්යාල දෙකක් දෙරටේ පිහිටුවන්නේ යැයිද අගමැතිවරයා පැවසීය.


ව්‍යාපාරික ප්‍රජාව හමුවීමෙන් අනතුරැව එරට වැදගත් ස්ථාන ගණනාවක් නැරඹීමටද අගමැතිවරයාට ඇරුයුම් ලැබිණි. පසුගියදා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා නවසීලන්ත අගමැතිවරයාට තෑගි දුන් අංජලී නමැති අලි පැටවාගේ සුවදුක් බලන්නට ඕක්ලන්ඩ් සත්ව උද්‍යානයට ගිය හෙතෙම අංජලීට මෙන්ම අංජලීගේ මව් ඇතින්න ලෙස එරට සිටින &බර්මා* ඇතින්නටද පළතුරැ වලින් සංග්‍රහ කළෝය. අනතුරැව නවසීලන්තයේ &හොබිටන්* සිනමා ගම්මානය නැරඹීමට අගමැතිවරයාත් මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියත් එහි ගියහ. ලෝකප්‍රකට සිනමා පට ගණනාවක් සඳහා දර්ශන පසුතලය සැපයූ හොබිටන් සිනමා ගම්මානය ගැන අගමැතිවරයා විශේෂ විමර්ශනයක යෙදුණේය. එරට සුප්‍රකට කිරිපිටි නිෂ්පාදන සමාගමක් වන &ෆොන්ටේරා* සමාගමේ සභාපති ජෝන් විස්ලන් මහතාගේ ඇරුයුමින් එහි කිරි නිෂ්පාදන ක්‍රියාවලිය නැරුඹීමට අගමැතිවරයාද සහභාගි විය. පවුල් 10,500 ක් සමූපාකාර ක්‍රමයට පවත්වාගෙන යන ෆොන්ටේරා සමාගමේ ප්‍රගතිය ඔහුගේ අධ්‍යයනයට ලක් විය. අනතුරැව නවසීලන්ත අග්‍රාණ්ඩුකාර ග්‍රිමති රෙඩ්බ් මහත්මිය මුණගැසුණු අගමැතිවරයා සිය සිව් දින නිල චාරිකාව හමාර කොට ගිය අඟහරැවාදා නවදිල්ලියට පැමිණියේ එරට පැවැත්වෙන ලෝක ආර්ථික සංසද සමුළුව ඇමතීමටය. අගමැතිතුමා ඉන්දියාවේදී එරට අගමැති නරේන්ද්‍ර මෝදි මහතා මෙන්ම ජනාධිපති ප්‍රනාබ් මුඛර්ජි මහතාද මුණගැසුණේය. එහිදී සාර්ක් සංවිධානයේ අනාගතය හා එට්කා ගිවිසුම වැනි තීරණාත්මක දේ ගැන සාකච්ඡා විය.


ඒකාබද්ධ විපක්ෂයේ සිටින මහින්ද රාජපක්ෂ හිතවාදීන් මේ දිනවල උත්තේජනයක් ලබා සිටින්නේ දිවයිනේ ප්‍රදේශ ගණනාවක පැවති සමූපකාර ඡන්ද වලින් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම් ඉතාමත් ඉහළ ජයග්‍රහණ ගණනාවක් වාර්තා කර ඇති බැවිනි. අම්බලන්ගොඩ, ගලේවෙල, මාදම්පේ ඇතුළු තවත් ප්‍රදේශ ගණනාවක ඇති සමූපකාර ඡන්ද සියල්ලෙන්ම පාහේ ආණ්ඩුවේ පක්ෂ නියෝජනය කරමින් ඉදිරිපත් වූ කණ්ඩායම් අභිබවා ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් ජයග්‍රහණය ලැබීය. ඇතැම් ස්ථානවල ශ්‍රී.ල.නි.පය නියෝජනය කළ කණ්ඩායම්වලට ලැබී තිබුණේ ඉතාමත් සීමිත ඡන්ද ගණනකි. මේ ආකාරයට ඒකාබද්ධ විපක්ෂය සමූපකාර ඡන්ද ජය ගනිමින් සිටින නිසා සමූපකාර ඡන්දයත් කල් දමා ජන මතය යටපත් කිරීමට රජය සැරසෙන බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා චෝදනා කළේ වැලිගමදී පැවැත්වූ ජන රුලියකදීය. හිටපු අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතාගේ වැලිගම ශ්‍රී.ල.නි.ප සංවිධායක පදවිය අහෝසි කිරීමෙන් පසුව පැවති මෙම රුලිය සඳහා සෑහෙන ජන පිරිසක් සහභාගි වූහ. මෙහිදී ජනතාව අමතා කතා කළ මහින්ද රාජපක්ෂ මහතා කීවේ අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෝඩ් ලෑල්ලකට සීමා වූ පක්ෂයක් බවට පත්ව ඇති වගයි. මේ රජය ජනතාව මත පීඩනය දමමින් විපක්ෂයෙන් පළිගනිමින් රාජ්‍ය සේවකයන්ගෙන්ද පළිගන්නා බව හොතෙම සඳහන් කළේය. අද අසාධ්‍ය රෝගීන්ට රෝහලක සැත්කමක් කළ පසුවත් ආණ්ඩුව බදු අය කරන වග පෙන්වා දුන් හෙතෙම තමන්ටත් තම දරැ පවුලටත් අනේකවිධ හිරිහැර කරන්නේ යැයි පැවසීය. &අපි නිහඬව හිටියා. ඉවසීමෙත් සීමාවක් තිබෙනව. බිත්තිය දක්වාම පසුබහින්නත් සූදානම්. ඒත් බිත්තියට හේත්තු වුණාම තවදුරටත් හිරිහැර කරන්න ආවොත් අපි වඳින ජාතියක් නොවන බව මම මේ ආණ්ඩුවට මතක් කරල දෙනවා.* යැයි කියමින් මහින්ද රාජපක්ෂ මහතා සිය දේශනය හමාර කළේය. අනතුරැව වැලිගම ප්‍රදේශයේ මුස්ලිම් ප්‍රජාව ඔහු මුණගැසී ඒ අයගේ ව්‍යාපාරික කටයුතු වත්මන් රජයේ යම් යම් ආර්ථික ප්‍රතිපත්ති නිසා අඩාලව ඇතැයි චෝදනා නැගූහ. අනතුරැව වැලිගම හිටපු නගරාධිපති මොහොමඩ් හාජියාර් මහතාගේ නිවසේ රාජපක්ෂ මහතා ඇතුළු අමුත්තන් වෙනුවෙන් පැවති රාත්‍රී භෝජන සංග්‍රහයකටද රාජපක්ෂ මහතා සහභාගි විය.


මේ සතියේ අමාත්‍ය මණ්ඩල රුස්වීම පැය තුනකට ආසන්න කාලයක් පැවති දීර්ඝතම අමාත්‍ය මණ්ඩල රුස්වීමක් විය. ඊට හේතුව අමාත්‍ය මණ්ඩලයට කඩිනම් යෝජනා සහ පත්‍රිකා 89ක් පමණ සලකා බලන්නට සිදුව තිබූ නිසාය.


අමාත්‍ය මණ්ඩල රුස්වීම උණුසුම් වූ සිදුවීම් ගණනාවක්ම ආරම්භ වූයේ අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ අමාත්‍යංශය ගැන කරන ලද ප්‍රගති සමාලෝචනයේදීය. මෙහිදී අමාත්‍යංශය සතු උක් වතු හා සීනි කම්හල්වල කටයුතු ගැන ඇමැතිවරැන් ගණනාවක්ම කරැණු දැක්වූහ. අමාත්‍ය රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා මේවායේ එතනෝල් නිෂ්පාදනය ගැන ප්‍රශ්න කළේය. ඒ අතරම විවෘත වෙළෙඳපොළේ  සීනි කිලෝව රැපියල් 72/-කට අලෙවි කළ හැකිව තිබියදී මෙම අමාත්‍යංශය සීනි කිලෝව රැපියල් 60/- මිලට විකුණා එක කිලෝවකින් රැපියල් දොළහ බැගින් පාඩු ලබමින් සීනි මෙට්‍රික් ටොන් 10,000ක් විකුණා දැමූ බවට බරපතළ චෝදනාවක් නැගීය.


ඒ සමඟ කැබිනට් මණ්ඩලය උණුසුම් වූ අතර අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා මෙන්ම දයා ගමගේ, චම්පික රණවක අමාත්‍යවරැද අදහස් දැක්වූහ. එතනෝල් ප්‍රශ්නය මෙහිදී වඩාත් අවධානයට ගනිද්දී රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රශ්න කළේ එතනෝල් ආනයන බද්ද ලීටරයකට රැපියල් 300/-ක්ව තිබියදී මෙරට නිෂ්පාදිත එතනෝල් ලීටරය රැපියල් 260/-ට, රැ. 275/-ට අලෙවි කළේ කාගේ වුවමනාවටද කියායි. මේ චෝදනාවලට පිළිතුරැ දීමට නොගොස් රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා ලිපිලේඛන පරීක්ෂා කරද්දී රන්ජිත් මද්දුම බණ්ඩාර ඇමැතිවරයා නැවතත් අදහස් දක්වමින් සිනී සඳහා රැපියල් 89/-ක මිලක් විවෘත වෙළෙඳපොළේ පවතිද්දී මෙම අමාත්‍යංශය සීනි ටොන් 2,000ක් රැපියල් 81/- ගණනේ විකුණා දැමූ බවට නැවත චෝදනා කළේය. මේවා ගැන පරීක්ෂණයක් කළ යුතු යැයිද අමාත්‍ය මද්දුම බණ්ඩාර මහතා කීය. තමන් නියෝජනය කරන මොණරාගල හා අල්ලපු දිස්ත්‍රික්කය වන අම්පාරේ ජනතාව මේ ප්‍රශ්න දන්නා නිසා ඒවාගැන ඔවුන් ප්‍රශ්න කරන බවද සඳහන් කළේය. අනතුරැව මේ ගැන ජනතා විමුක්ති පෙරමුණ රජයේ මූල්‍ය අපරාධ කොට්ඨාශයට පැමිණලි කර ඇති බවත් දැනට ඒ සම්බන්ධ පරීක්ෂණයක් අරඹා ඇති වගත් අමාත්‍ය මද්දුම බණ්ඩාර පැවසීය. 


සියල්ල සාවධානව අසාසිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ අවස්ථාවේ කීවේ මේ ගැන විධිමත් පරීක්ෂණයක් පැවැත්වීම සුදුසු බවයි. ඒ සඳහා ඇමැති මද්දුම බණ්ඩාර හා ඇමැති ලක්ෂ්මන් සෙනවිරත්න මහත්වරැන් සතු තොරතුරැ සහිතව ලිඛිත පැමිණිල්ලක් තමන් වෙත ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා දැක්වීය. ඒ සමඟ පැය ½කට වැඩි කාලයක් ඇදී ගිය සීනි සටන හමාරවිය. එහිදී අමාත්‍ය දයාගමගේ මහතා කතා කරමින් කීවේ තමන්ගෙන් පසුගිය රජය අසාධාරණ ලෙස උදුරාගත් හිඟුරාන සීනි සමාගම සඳහා විධිමත් වන්දියක්වත් නොලැබුණ බැවින් තමන්ට දැන්වත් සාධාරණය ඉටුවිය යුතු වගය. අනතුරැව අධීක්ෂණ මන්ත්‍රී වාහන සැපයීම වෙනුවෙන් මසකට නැවත රැපියල් ලක්ෂ දෙකක දීමනාව රැපියල් පන් ලක්ෂ අනුදහසක් දක්වා වැඩිකළ යුතුයැයි පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය රජයට යෝජනා කර තිබිණි. එහෙත් අමාත්‍ය මහින්ද අමරවීර ඇතුළු කිහිපදෙනකුම සඳහන් කළේ දැනට අධීක්ෂණ මන්ත්‍රීන්ට මසකට වාහනයක් කුලීපදනම මත ගැනීමට හෙවත් රැපියල් ලක්ෂ දෙකක දීමනාව හොඳටම ප්‍රමාණවත් කියාය. නමුත් රවුෆ් හකීම් අමාත්‍යවරයා ඇතුළු පිරිසක් එයට එකඟ නොවූහ. ඔවුන් ප්‍රකාශ කළේ රැපියල් 5,90,000ක දීමනාව මන්ත්‍රීන්ට අවශ්‍ය බවය. මෙම මුදල සියලුම අධීක්ෂණ මන්ත්‍රීන්ට ලබාදිය යුතු යැයිද ඔහු කීය. අවසානයේ ඒතැන අධීක්ෂණ මන්ත්‍රීන් සමඟ සාකච්ඡා කොට තීරණයක් ගැනීම අමාත්‍ය ගයන්ත කරැණාතිලකට භාර කැරිණි.


ඒකාබද්ධ විපක්ෂයේ රත්නපුරය ජනරුළිය මෙම සති අන්තයේ රත්නපුරයේදී පැවැත්වෙයි. හිටපු ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රමුඛ රන්ජිත් සොයිසා ජානක වක්තුඹුර ආදී රත්නපුර නායකයෝ මෙම ජනරුළිය සංවිධානය සඳහා මහත් වෙහෙසක් ගත්හ. රත්නපුරයට මෙතාක් නොගැලූ ජනගඟක් සෙනසුරාදා ගලනු ඇතැයි මන්ත්‍රී රන්ජිත් සොයිසා මහතා ප්‍රකාශ කර තිබිණි.
ජනතා විමුක්ති පෙරමුණ මේ රජයට එරෙහිව මහ පාරට බැස සටන් කරන්නට සූදානම් බව ජ.වි.පෙ. නායක අනුර දිසානායක මහතා මේ සතියේ ප්‍රකාශ කළේය. ජ.වි.පෙ. ආණ්ඩුව සමඟ ඩීල් දමා ඇතැයි ඇතැමුන් කරන චෝදනාව හාස්‍යයෙන් බැහැර කළ දිසානායක මහතා තම පක්ෂය ඩීල් දමා ඇත්තේ රටේ ජනතාව සමඟ යැයිද සඳහන් කළේය. වත්මන් රජය ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය පවා හෑල්ලුවට ලක්කර ඇතැයි මාධ්‍යයට කී අනුර දිසානායක මහතා අමාත්‍ය මණ්ඩලය ගතයුතු රාජ්‍ය දේපළ විකිණීම වැනි තීන්දු අද ගන්නේ ඇමැති මණ්ඩලය නොව රජයේ ආර්ථික කමිටුව විසින් වීම බරපතළ ඛේදවාචකයක්යැයිද කීය. 

 ප්‍රකාශ් ඉරැගල්බණ්ඩාර 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00